මහේෂ් - වසන්ත බීච් වොලිබෝල් ප්‍රාර්ථනා ඉදිරියට රැගෙන යති
ශ්‍රී ලංකාවේ අංක එකේ බීච් වොලිබෝල් ක්‍රීඩකයින් වන වසන්ත රත්නපාල සහ මහේෂ් පෙරේරා ජගත් ආරක්ෂක ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ දක්වා උසස් දස්කම් දක්වා ඇත.මේ වන විට ලිතුවේනියා සහ ඇන්ගෝලාවේ කිඩක යුගලයන්ට එරෙහිව තරග වට 2- 0 ලෙස පහසුවෙන් තරග ජයග්‍රහණය ලැබ ඉදිරියට පැමිණ තිබෙන මහේෂ් සහ වසන්ත ජූලි 20 දා ඇමෙරිකාවේ ගොයින්ස් සහ වැල්ඩෙන් ට එරෙහිවත් 21 දා බ්‍රසීලයේ රොවෙරියෝ සහ රොබර්ටෝට එරෙහිවත් තරග බිමට පිවිසීමට නියමිතය.මෙම තරග වල ප්‍රතිපල අනුව ඔවුන් ජයග්‍රාහකයන් වන්නේ නම් 22 දා පැවත්වෙන අවසාන වටයේ රන්,රිදී. ලෝකඩ සදහා සටන් වදින තරග සදහා පිවිසීමට ඔවුන් දෙදෙනාට අවස්ථාව ලැබෙනු ඇත.
කාන්තා බීච් වොලිබෝල් තරග සදහා ඉදිරිපත් වූ නිරෝෂා ගුණසිංහ සහ ගීතිකා ගුණවර්ධන පළමුව මුහුණ දුන් තරගයේ දී වැනිල්ඩා සහ ඇන්ජෙලා ඉදිරියේ වට 2-0 ලෙස පරාජය ලැබුවද ලිතුවේනියා ක්‍රීඩිකා යුගලය වට 2-0 ලෙස පහසුවෙන් පරාජය කිරීමට සමත් විය.


No comments:
Post a Comment